skip to main | skip to sidebar

Pages

  • Home

Liyana.com

විද්‍යාවට ආදරයෙන්...

Evolution of humans in various countries



           For Latest And Cool Stuff Join XciteFun
For Latest And Cool Stuff Join XciteFun
For Latest And Cool Stuff Join XciteFun

 
Posted by Unknown at 8:47 PM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

STOP ANIMAL KILLINGS,,,!!!



HORRIBLE!!!!! 
 
 
Let Us Stop Eating this...Mcdonald & KFC Lovers!!!


 
 
 
 
Please, Pass this to all known to you…….


 
 
 
 
Foie Gras 


Foie Gras Foie Gras means "Fat Liver"




It's very very luxury menu that originates from France But this dish comes from FORCE FEEDING a goose to make them develope FATTY LIVER DISEASE.
 
 
 
Let's see the source of this wonderful dish


 
 
 
 



The geese are forced to eat.. even if it does not desire to


 
 
 
 
 





The metal pipe pass through the throat to stomach ...even if it does not want to eat anything
 
To make the liver bigger and fatter 


Cages are very small and they force the geese to stay in one position to avoid using energy, thus converting all food into fat.
 
 
 


How sad their eyes show up


 



Their legs were bloated from long standing everyday. No need to sleep because they will be caught to eat again


Although they try to defend themselves But it is useless
 


 
 
 
 
 



How sad this life is..


 
 
 
 
 





They are forced to eat until they are dead or their bodies cant stand with this
 
You see... the food is over its mouth
 
 
 
 

 


 
 
 
 
 





The left who survive have crapped to be inflamed asses...blood easily come up with the shit
 
 
 
Not only mouth hurt, throat hurt , all time stomach ache from the food , Fat to bloated legs , no sleep , no excercise But also no free movement for life to see the sky or river


This your Healthy Liver like those Chicken


 
 
 
 





To get the beautiful and white liver that becomes unusually big like this

As Liver-canned from aboard
 
 
 





STOP THE DAILY TORTURE AND CRUELTY TO THE POOR ANIMAL.
 
STOP TAKING THIS DISH OR PRODUCT NOW.
 
STOP THE DEMAND AND THE SUPPLY WILL END.


This is only one dish, who knows how the other dishes are made!!!! Even the dishes which are vegetarian!!!!!!


JUST THINK BEFORE YOU VISIT...
 

How sad this life is..?!!
 
Don't U think?!!!
 
Pass this mail 2 every1 on your list!!!!
 
well, i can guarantee u dat nothing will happen if u dont other dan u urself knowing wat ur heart is made up of!!!!!!

Posted by Unknown at 8:38 PM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

HEART Decease











Posted by Unknown at 4:44 AM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

ANTI VIRUS වැඩ සටහන් වෛරස් අල්ලන ක්‍රම

අපි පරිගණකය භාවිත කරනකොට තියෙන්න ඕන අනිවාර්්‍ය මෘදුකාංගය තමයි වෛරස් ගාඩ් එක. ඒක නැත්තම් ඉතින් විදින්න වෙන කරදරය අපි ඔක්කොම හොදටම දන්නවනේ. වෛරස් ගාඩ් එක කොහොමද මේ Virus,Worm,Trojan අල්ල ග‍න්නේ. ‍මේ ගැන හොයන අයට නොදන්න අයට ප්‍ර‍යෝජනවත් වෙයි කියල හිතුන නිසා මේ ගැන අද ලියන්න හිතුවෙ.


වෛරස් ගාඩ් කිව්වහමත් ඉතින් කොච්චර නම් තියනවද? ඒ අතරින් හොද වෛරස් ගාඩ් තියෙන්නේ කිහිපයයි. ප්‍රධාන වශයෙන්ම Anti virus program එකෙන් virus අල්ලන ක්‍රම 4ක් තියනව. ඒ තමා 

1.Signature Based Scan.
2.Heuristic Based Scan.
3.Threat Sense Technology.
4.Artificial Intelligence (Behavioral Antivirus Programs).
5.Proactive Defense.
‍
දැන් බලමු එකිනෙක අතර වෙනස්කම් ගැන

Signature Based Scan
Signature Based Scan කිරීම තුලින් සිදු කරන්නේ පරිගණකයේ වල Signature එක Scan කර එය වෛරස් ගාඩ් සැපයුම් කරැවන් කලින් ලබා දී ඇති වෛරස් අඩංගු file වල Signature හා සසදා ඒ හා ගැලපෙන්නේ නම් එම file එක වෛරස් එකක් ලෙස නම් කිරීමයි.

Macfee Lab එකෙහි දත්තයන්ට අනුව සාමන්‍යයෙන් දිනකට වෛරස් 250 පමණ මුදා හැරෙන අතර එම නිසා මෙම Signature Based Scan තුලින් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමට නොහැකි ය. එයට හේතුව අලුත් සදහා Signature පිලිබද විස්තර වෛරස් ගාඩ් එක සතුව නොමැති වීමටයි. ඒ හේතුවෙන් ‍හදුනා නොගත් වෛරස අල්ලා ගැනීමට දියුණු තාක්ෂනයක් භාවිත කිරීමට සිදු වේ.

Heuristic Based Scan
මෙම ක්‍රමය භාවිත කරන්නෙ අලුත් හදුනා නොගත් වෛරස් අල්ලා ගැනීමටය. මෙම වෛරස් ඇන්ටි වෛරස් පද්ධතිය කලින් හදුනා නොගත් ඒවා වේ. මෙම සේවාව සපයන්නේ වෛරස් ගාඩ් කිහිපයක් පමණයි. බොහො ඒවා අල්ලන්නේ කලින් හදුනා ගත් වෛරස පමණයි. මුලින්ම heuristic engine එකක් හදුන්‍වා දුන්නේ 1989 දී ඒ DOS viruses අල්ලන්න. 

මෙම ක්‍රමයෙන් file Scan කරන විට වෛරස් ගාඩ් එක අදාල file විස්තර හා එහි අඩංගු command පරික්ෂා කර එහි ප්‍රතිපලයක් වශයෙන් එය වෛරස් එකක්ද යන්න තීරනය කරයි.

Threat Sense Technology
ටික කාලෙකට කලින් මුලින්ම වෛරස් එකක් අන්තර්ජාලයට එකතු වුනාම එය antivirus experts ලට monitor කරන්න ලැබෙන්නේ දවස් 15 - 30 අතර කාලකදී. ඉතින් ඒ වෙනකොට වෛරස් එක කරන්න ඕන දේවල් ‍ඔක්කොම කරල. සමහර විට මිලියන ගානකට වෛරස් එක නිසා හානි වෙලා. මේ නිසා තමා Threat Sense Technology හදුන්වල දු‍න්නේ.
මේ තාක්ෂනය යටතේ වෛරස් ගාඩ් එක පරිගණකයේ ව්‍යාජ ලෙස පෙනෙන හෝ භාවිත කරන්නා නොමග යවන සුලු file දෙස හොදින් නිරික්ෂනය කරනවා. නමුත් කිසිම action එකක් ගන්නේ නැහැ. ඊලගට වෛරස් ගාඩ් එක යාවත්කාලීන වන විට මෙම file එක security experts ලට යවනවා. ඉන් පසුව ඔවුන් එය පරික්ෂා කොට එය වෛරස් එකක් නම් එයට signature එකක් හදනවා. මෙම ක්‍රියාවලියට දින 3-4 අතර කාලයක් තමා ගත වන්නේ.

Artificial Intelligence
මෙම ක්‍රමයෙන් වෛරස් ගාඩ් එක පරිගණකයේ සියලු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා. මේ අතර යම් අවධානම් ක්‍රියාකරකමක් file එකක් මගින් ඇති වනවා නම් එය භාවිත කරන්නාට දැනුම් දී එයට ‍එරෙහිව තෝරා ගැනීමට action දෙනවා. delete හෝ quarantine කිරීමට. මෙය තමා Artificial Intelligence කියන්නේ.

Proactive Defence
මෙම ක්‍රමය මුලින්ම භාවිත කලේ Kaspersky. මෙම ක්‍රමයෙන් කරන්නේ යම් වැඩසහනක් execute වෙනකොට ඒ පිලිබද user ට දැනුම් දී එය allow හෝ block කිරීමට අවස්ථාව සලසා දීමයි.

ඔන්න ‍ඔහොම තමා වැ‍ඩේ යන්නේ. ඉතින් මම මේ පිලිබදව ලිව්වේ මගේ දැනුමට,අත් දැකිම් හා අන්තර්ජාලයෙන් සොයා ගත් කරැණු වලට අනුවයි. මෙහි මට සදහන් කරන්න බැරි වුන යමක් තියනවනම් ඒ පිලිබදවත් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. එවිට අපි කාගෙත් දැනුම වර්ධනය කර ගන්න පුලුවන්.
Comment එකක් දාන්නත් අමතක කරන්න එපා....

Posted by Unknown at 5:50 AM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

හොඳට නරකට දෙකටම පෙන්මය...

 USB Port ලොක් කරන හැටි

ලිපිය පළකලේ Admin : Akila


1. ඕබේ පරිගණකයේ රන් ඕපන් කරගන්න.

2. දැන් එහි regedit යනුවෙන් ටයිප් කර එන්ටර් කරන්න.

3. දැන් ලැබෙන වින්ඩෝවෙන් HKEY_LOCAL_MACHINE යන්න ඩබල් ක්ලික් කරන්න. එවිට එම ගොනුව දිගහැරේ.

4. දැන් එහි ඇති SYSTEM ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

5. දැන් එහි ඇති CurrentControalSet ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

6. දැන් එහි ඇති SERVICES ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට එම ගොනුවද දිග හැරේ.

7. දැන් එහි ඇති USBSTOR ගොනුව මතද දෙවරක් ක්ලික් කරන්න. එවි‍ට දකුණු පස කුඩා ෆයිල් කිහිපයක් දැක ගත හැකිය.

8.දැන් එහි ඇති Start යන ෆයිල් එක මත ක්ලික් කරන්න. එවිට එය සිලේක්ට් වේ. දැන් වින්ඩෝවේ ඉහළ වම් කෙළවරේ ඇති File > Export යන්න ක්ලික් කර එම ෆයිල් එක තමන්ට කැමති තැනක‍ට සේවි කරගන්න.

9. දැන් නැවතත් කලින් කලික් කර තිබු ෆයිල් ඩබල් ක්ලික් කර ඕපන් කරගෙන එහි Value Data හි 3 වෙනුවට 4 යොදා ඕකේ කරන්න.

10. දැන් ඔබ අගය වෙනස් කරන ලද Start Registry file එක සළකුණු කර. පියවර 8 පරිදි USB Disable ලෙස සේවි කර ගන්න.

11. පස්සේ එම වින්ඩෝව ක්ලොස් කර පරිගණකය restart කරන්න.

12. පස්සේ ඔබ සේවි කරගත් USB Disable ෆයිල් රන් කල ලැබෙන පණිවිඩය ඕකේ කරන්න. ලොක් එක ඇර ගන්න ඕනේනම් USB Enable ෆයිල් එක රන් කර ඕකේ කරන්න.

බලලා කම්න්ට්ස් දාන්න.
Posted by Unknown at 5:12 AM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???

ඇසේ දෝෂ කිව්වම අපි ඕනම කෙනෙක්ට මතක් වෙන්නෙ දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, ඇසේ සුද මතුවීම, වර්ණ අන්ධතාවය වගේ ඒවනෙ. ඒවා ඉතිං ඇසේ ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය දෝෂනෙ. මේ කියන්න හදන්නෙ එහෙම දෝෂයක් ගැන නෙමෙයි. අපේ ඇස් දෙකේ ඉඳලා හිටලා ඇති වන පුංචි තාක්‍ෂණික දෝෂයක් එහෙමත් නැත්තම technical fault එකක් ගැන. (මේකට technical fault එකක් කියලා කියන්නෙ මම හො‍ඳේ )

ඔබට මොනම හෝ වෙ‍ලාවක හිතිලා තියෙනවද, මං මේ දකින දේවල් වෙන කොහෙදි හරි මේ විදියටම මම දැකලා තියෙනවනෙ කියලා. එහෙමත් නැත්තම් කොයිම වෙලාවක හරි හිතිලා තියෙනවද මේ දැන් මේ වෙලාවෙ සිද්ධ වෙන දේ මීට කලින් කොහෙදි හරි සිද්ධ වෙලා තියෙනවානෙ කියලා. තවත් විදියකට කිව්වොත් ඔබට කිසියම් මොහොතක හිතිලා තියෙනවද මේ වර්තමානය මගේ අතීත මතකයෙ කොහේ හරි තියෙනවා කියලා?

මමත් ඉඳලා හිටලා මේ අත්දැකීමට මුහුණදෙනවා. මුල දි මට හිතුණෙ කලින් දැකපු හීනයක ඇති දෙයක් අපේ සිතින් සංසන්දනය කරනවද දන්නෑ කියලා. මේ ගැන කතාබහ කරද්දි දැනගත්තා මෙහෙම වෙන්නෙ මට විතරක් නෙමෙයි ගොඩක් අයට ඉඳලා හිටලා මෙහෙම වෙනවා කියලා. මෙහිදි ඇත්තටම සිදුවෙන්නෙ මොකක්ද කියලා දැනගන්න ආස හිතිච්ච නිසා හොයලා බලද්දි දැනගන්නට ලැබුණෙ මෙන්න මේ වගේ දෙයක්.

හැමෝම දන්නවනෙ අපිට වස්තූන් පෙනෙන්නෙ යම් වස්තුවක සිට එන ආලෝක කිරණ ඇසේ කණීනිකාව තුලින් ගිහින් අක්‍ෂි කාචයෙන් දෘෂටි විතානය මත නාභිගත වෙලා දෘෂ්ටි විතානයෙන් නිපද වන සංඥා, දෘෂ්ටි ස්නායුව හරහා මොළේට ගිහාම කියලා. ඉතිං අපිට ඇස් දෙකක් තියෙන නිසා මේ ඇස් දෙකෙන්ම නිපදවන සංඥා මොළේට යනවා. ඇසේ නිවැරදි ක්‍රියාකාරීත්වයෙදී මේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙකම තත්පරෙන් දාහෙන් පංගුවකවත් වෙනසක් නැතුව හරියටම එකම වෙලාවෙදි මොළේට යා යුතුයි. එම සංඥා දෙකේ සංකලනයෙන් අපිට වස්තූන් ත්‍රිමාණව පෙනෙන්නෙ අන්න එතකොටයි.

අර මං කිව්වනෙ සමහරවෙලාවට අපිට වර්තමානයේ සිදුවන දේ මීට පෙර සිදුවෙලා තියෙනවා වගේ හිතෙන්නෙ අපේ ඇසේ තියෙන තාක්‍ෂණික දෝෂයක් නිසා කියලා. අන්න ඒ තාක්‍ෂණික දෝෂය තමයි ඇතැම් වෙලාවට අපේ ඇස් දෙකෙන් නිකුත් කරන සංඥා දෙක මොළේට යන්නෙ පුංචි කාල අන්තරයකින් වීම. එනම් එක් ඇසකින් නිකුත් කරන සංඥාව මොළේට ගිහින් පුංචිම පුංචි කාලයකට (fraction of a second) පස්සෙ තමයි අනෙක් ඇසෙන් නිකුත් කරන සංඥාව මොළේට යන්නෙ. මෙහෙම වෙන්නෙ ගොඩක් කලාතුරකින්. මෙතනදි වෙන්නෙ මෙන්න මේකයි. මුලින් ආපු සංඥාව මොළේට ගිය ගමන් එය අපේ මතකයේ තැම්පත් වෙනවා. ඊළඟට එම සංඥාවම ආයෙමත් අනෙක් ඇසෙන් ආපුවම අපිට ඒක දැනෙන්නෙ අපේ අතීත මතකයේ තිබ්බ දෙයක් නැවත සිදුවෙනවා වගේ. ඉතිං හරිනෙ. තත්පරෙන් පංගුවකට කලින් ඒ දේම අපේ මතකයෙ තැම්පත් උනානෙ.

ඔබත් මේ අත්දැකීමට මූණ දී තිබේ නම් හෝ නොතිබේ නම් සටහනක් තබා යන්න අමතක කරන්න එපා. මෙම අත්දැකීම සෑම කෙනෙක්ටම පොදු දෙයක්ද නැත්නම් පිරිසකට පමණක් සීමා වුනු දෙයක්ද කියලා එතකොට අපිට තහවුරු කරගතහැකි. මේ සංසිද්ධිය පිළිබඳ මේ පැහැදිලි කිරීම හරියටම නිවැරදි ද කියලා නම් දන්නෙ නෑ. මේ ගැන වැඩිදුර දන්නවනම් ඒ පිළිබඳව අපවත් දැනුවත් කරන්න. මෙම සංසිද්ධියේ වෛද්‍ය විද්‍යාත්මක නාමය හා වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කාට හෝ ඉදිරිපත් කරන්න පුළුවන් නම් එය හැමෝන්ටම ප්‍රයෝජනවත් වේවි.
Posted by Unknown at 10:30 PM 0 comments Email This BlogThis! Share to X Share to Facebook

බිදුනු ආදරය වේදනා නගයි...









සොදුරු වසන්ත සමයක හමු වි මට ආදරය දි මා ලග දෑවටෙමින් සිටි කුමරිය .. මගේ ලගට වි ආදරය ඉල්ලමින් දෑවටුනු සෑටි .. ලා නිල් පෑහෑති ඈගේ දෙනෙත් තුල සෑගවුන ආදරය මා හට දිලා .. රොස මල් වලට සම වු ඈගේ දෙතොල් මා මුල්වර සිබගත් සෑටි තවමත් ඈත ඒ මතකය මා තුල .. ජිවිතය තුලට නව ජිවයක් එක් කළ ඈ .. මා හදේ සිරවි සිටින්නි . කදුලු එකට බේදාගත් හෑටි ඈ සමග .. සෑප දුක දෙකටම මා ලග සේවනෑල්ලක් සේ මා සමග සිටි පිය සෙනෙහස නොලද ඈ මා තුලින් ඈගේ පියාගෙන් නොලද ආදරය සෙනෙහස නොඅඩුව සොයන බවත් මා මට හෑකි පමණින් ඈයට නොලද් පිය සෙනෙහස මා තුලින් ලබා දිමට උස්සාහ කරා . ඈ මා හට සියල්ල විය විටක මා ඈගේ කුඩා දරුවේක් සේ සෙනෙහස හොයමින් සිටියා තවත් විටක මා ඈ හට ආරක්ෂකයකු විය ඈ හට කිසිදු දුකක් දෑනෙන්න ඉඩ නොදෙමින් ඈගේ වේදනාව මගේ කරගත් අවස්ථා බොහොමයි ඈ අතින් මා සිත රිදුන අවස්ථා බොහොමයි නමුත් මා ඒ වග ඈයට හගවන්නෙ නෑතුව තනියම දුක දරාගත් හෑටි මතකේ තවමත් ඈත .. කලුවර රෑයක පවා ඈයව තනි නොකර ඈයට තනියක් නොදෑනුනු බව මට විශ්වාසයි .. ඈයට මෙන්ම ඈගේ පවුලේ අනිකුත් අයටත් මා නො අඩුව ආදරය කරා ඔහුන්ගේ දුක සෑප ආරක්ශව ගෑන නිරතුරු විම සොයා බෑලිමට මා ප්‍රේම් වන්තයෙක් හෑටියට අමතක නොකල බවත් ඈ මෙන්ම ඈගේ පවුලේ අනෙකුත් අයද හොද හෑටි දනි.. කාලය සමග ඈය මා හට නපුරු වන බව මට දෑනුනා නමුත් මා ඒ ගෑන තනිවම දුක දරා ගෙන කාලය ගතකරා .. කාලයත් සමග ඈය මට පෙන්වු මතු පිට රුපය බව මට හෑගුනා ඈගේ නියම සුරුපය මා හෑදිනගෙන සිටි ආකාරය වඩා වෙනස් බව මට කාලයත් එකක් වෑට වුනා නියම සුරුපය එලියට පනින්න උස්සාහ කරන බව මට දෑනුන නමුත් මා එය නොදන්නා සෙ සිටිමින් අපේ ආදරය ආරක්ෂාකරගන්න.. මට හෑකි පමණින් සෑම උස්සාහයකම නිරත වුනා .. නමුත් මා හද දිනෙන් දින රිදෙන බව මට වෑටවුනා .. ඈයට වඩා ස0වේදි මා තනිවම හෑඩුව වාර අනන්තයි . මා ඈ ගෑන සමාජයට දි තිබුනේ ඈ ගුනවත් නිහතමානි මට අව0කව ආදරය කරන හොද හෑදියවක් ඈති තෑනෑත්තියෙක් ලෙසයි .. මා සමාජය ඉදිරියේ අසරණ වන බව මට දෑනුනා .. මට මවක් , ගෑහෑනියක් ,යෙහෙලියක්, ප්‍රේම වන්තියක් , දියණියක් සේ මා ලග සිටි ඈ දෑන් දිනෙන් දින මොහොතෙන් මොහොත ඈය මා ගෙන් දුරස් වන්නඋස්සාහ කරන වග මට දෑනුනා මට හෑකි සියල්ලම මා අපේ ආදරය ආරක්ෂාකරගන්න කරා නමුත් මගේ උස්සාහය සර්ථක නොවිය. ඈ කිසිම හේතුවක් නොමෑතිව . මා පෑතු මා සිතු ආදරය දිලා මා ගෙන් සමුගත්තා .. ඈ ගේ ආදරය තුල මා තවමත් තනිවි ඈති මුත් මා ඈ හට වෙයිර කරන්නේ නෑ ඈට මා ආදරය කර තරමට මට හිනෙන්වත් ඈයට බනින්න බෑ වෙයිර කරන බෑ . ඈ හොද තෑනක හොදට ජිවත් වනවා දකින්න මම ආසයි . අපිට වරදින තෑන් බොහොමයි ජිවිත කාලය තුල . සමහර විට වෑරදින තෑන් නිවෑරදි කරගන්නත් බෑ . නමුත් උස්සාහ කරනවා මිස වේන කරන්න දෙයක් නෑ .. ආදරය තුල දිනුම පෑරදුම දෙකම සම සමව ඈති අතර තව කෙනෙක් දිනන්න තව කෙනෙකුට පෑරදුම බාර ගන්න සිදුවනවා .. නමුත් පරදින කෙනා හෑම දාම පරදින්නෙත් නෑ .. සතුට රෑදුන තෑන ඉට ටිකක් ඉදිරියෙන් දුකත් රෑදිලා තියෙනවා තවකාලික ලේ මස් වලින් සෑදුන අමුතුම උපකරණයක් තුලට සිර වි අපි ජිවිතය යන ක්‍රීඩාව තුල යෙදෙන අතර .. මේ ක්‍රීඩාව තුල තවත් උප ක්‍රීඩා කිහිපයක්ම තියෙන අතර ඉන් එකක් තමයි ආදරය .. මේ ක්‍රිඩාව පමණක් ජයගත් පලියට ජිවිතය කියන ක්‍රීඩාව ජයගන්න බෑ ..නමුත් මෙම ක්‍රිඩාව ජය ගෑනිම ජිවිතය ජයගෑනිමට ඔනෑම කරන ප්‍රධාන සාධකයක් ලේස මම දකිනවා .. නමුත් සෑම දෙයක්ම හරි තාවකලිකයි.. තාවකලික තෘප්තිය උදෙසා අපි සියලු දෙනා නවින ලොකයේ තරගයක යෙදෙනවා 
Posted by Unknown at 11:49 AM 0 comments Email This BlogThis! Share to X Share to Facebook
Newer Posts Older Posts Home

SETT Unicode Decoder

Followers

AKILA DAMKITH KULUNUGUNA. Powered by Blogger.

Blog Archive

  • ► 2009 (1)
    • ► December (1)
  • ► 2010 (5)
    • ► August (3)
    • ► November (2)
  • ▼ 2011 (7)
    • ► June (2)
      • බිදුනු ආදරය වේදනා නගයි...
      • ඔබේ ඇසෙත් තාක්‍ෂණික දෝෂ (technical faults) තිබේ ද ???
    • ► July (3)
      • හොඳට නරකට දෙකටම පෙන්මය...
      • ANTI VIRUS වැඩ සටහන් වෛරස් අල්ලන ක්‍රම
      • HEART Decease
    • ▼ August (2)
      • STOP ANIMAL KILLINGS,,,!!!
      • Evolution of humans in various countries
  • ► 2012 (1)
    • ► January (1)

Recent Articles

Follow this blog
 
Copyright (c) 2010 Liyana.com. Designed by Conveyancing
High Deductible Health Insurance, Purchase Beats